1922 දෙසැම්බර් මස 3 වන දින ගාල්ල උණවටුනේ දී උපත ලද එඩ්වින් ආරියදාස මහතා මියයන විට 98 වියේ පසුවිය.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙන ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි දක්ෂතා දක්වනු ලැබිය.
ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ආදී සුවිශේෂී සම්මාන රැසකට හිමිකම් පෑමට ආරියදාස මහතා සමත් විය.
සිය අභිමානවත් වෘත්තීය ජීවිතය තුල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බිහි කළ සිසුන් ප්‍රමාණය අතිමහත්ය.ඔහු ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂී වූ මාධ්‍ය විෂයෙහි විද්වතෙකි,ගුරුවරයෙකි.