ඉරණතිවු ප්‍රදේශයේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ වෑයමෙන් පුද්ගලික ආයෝජකයන් ගේ මැදිහත් වීමෙන් හා නවීන තාක්ෂණයෙන් යුතුව ඉදිකිරීමට බලාපොරොත්තු වන මුහුදු කූඩැල්ලන් වගා කිරීම සම්බන්ධ මූලික වැඩ කටයුතු සම්බන්ධව මාධ්‍යවේදීන්ට පැහැදිලි කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පළමු වරට නවීන තාක්ෂණය හා ගබඩා පහසුකම් සහිතව රුපියල් කෝටි 4ක පුද්ගලික අංශයේ වියදමින් ඉරණතිවු ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මුහුදු කූඩැල්ලන් වගා ගොවිපල ධීවර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නැක්ඩා නැමැති ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, පුද්ගලික ආයෝජන කරුවන්, ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගාකරුවන්ගේ සංගමය යන පාර්ශව තුනක් සම්බන්ධ කරගෙන ඉදිකිරීමට නියමිත බවත්,මේ වෙනුවෙන් ඉරණතිවු ප්‍රදේශයේ පදිංචිව සිටින ධීවර කර්මාන්ත කරුවන් 83න් දෙනෙකුට ඉඩම් අක්කරය බැගින් බෙදා දී ඇති අතර මුහුදු කූඩැල්ලන් පැටවුන් ඇති කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර 20 ක් වෙන් කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු අවසාන අදියරෙහි පවතින බැවින් නුදුරේදීම මෙම ව්‍යාපෘතිය පටන් ගන්නා බවය. මුහුදු කූඩැල්ලන් පමණක් නොව අතිරේක ආදායමක් ලෙස මත්ස්‍යන් වගා කිරීමටත් බලාපොරොත්තු වන බව ද, මෙම ව්‍යාපෘතියේ ඉරණතිවු ධීවරයන්ට මුල් තැන ලබා දෙන බව පැවසීය.දීර්ඝ කාලයේ සිට අවතැන් වී සිටි ජනතාවට යහපත් ආර්ථික අවස්ථාවක් ලබා දීමේ අරමුණු කරගෙන පටන් ගැනීමට නියමිත මෙම ව්‍යාපෘතිය කිසිම බාධාවකින් තොරව සාර්ථකව දියත් කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, ජනතාවට මෙමගින් යහපත් අනාගතයක් නිර්මාණය වන බව අමාත්‍යවරයා පැවසීය.
රජය හා පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ඉරණතිවු ප්‍රදේශය සංචාර අංශයේ පාරාදීසයක් ලෙස පත් කිරීම මාගේ බලාපොරොත්තුව වන බව ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.