ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ගම සමග පිළිසදරක් වැඩසටහන (23) දින මතුගම වලල්ලාවිට ප්‍රදේශයේදී ජනපතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරනලද ඉල්ලීම් සදහා ප්‍රතිචාර දක්වමින් පැය විසිහතරක් ගතවීමටත් පෙරාතුව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් ප්‍රකාරව, යුද්ද හමුදා 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් වලල්ලාවිට යත්තපාන කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩා පිටිය, වලල්ලාවිට හෙවෙස්ස කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩා පිටිය හා 7 කනුව මහජන ක්‍රීඩාංගනය සංවර්ධනය සදහා (24)දින කටයුතු ආරම්භ කරනලදි.
එහිදී ඒ පිළිබදව ප්‍රදේශවාසින් හා පාසල් බලධාරීන් සිය ප්‍රසාදය සියල්ලන් වෙත පුදකිරීම ද සිදුකෙරිණි.