සියලු අධ්‍යාපන කලාප අතරින් මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ගේ පැමිණීම 65.5% මට්ටමක අද දිනය තුළ පැවති බව වාර්තා විය. බස්නාහිර පළාතේ සෙසු අධ්‍යාපන කලාපවල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන්ද මේ සමග යොමු කර ඇත.
සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සියලු පාසල් පැවැත්වෙන අතර,සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ මගහැරුනු විෂය කරුණු ආවරණය කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය වඩාත් සාර්ථක කර ගැනීමට දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශවයන්හි සහයෝගය ඉතා වැදගත්ය. සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද ලැබී ඇති වාර්තා අනුව, ක්‍රමිකව සිසුන්ගේ පැමිණීම සෑම අධ්‍යාපන කලාපයකම යහපත් වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
බස්නාහිර පළාතේ එක් එක් අධ්‍යාපන කලාපවල සිසුන්ගේ පැමිණීම (ප්‍රතිශතයක් ලෙස )
1. කොළඹ 26.81%
2. හෝමාගම 51.72%
3. පිළියන්දල 40.81%
4. ශ්‍රී ජයවර්ධනපුර 36.81%
5. ගම්පහ 42.12%
6. මීගමුව 52.43%
7. කැලණිය 49.46%
8. මිනුවන්ගොඩ 56%
9. මතුගම 65.08%
10. හොරණ 29.00%
11. කළුතර 61.49%