ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවසන් කටයුතු
අද දින සිදුවිය.
අප රටෙහි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක උපදේශකවරයෙකු සේම විශිෂ්ඨ පරිපාලකවරයෙකු ලෙසද කටයුතු කළ එඩ්වින් ආරියදාසයන් රටට දැයට අමිල සේවාවක් ඉටුකරමින්
ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍ර වල පවා අවදානයට ලක්වෙමින් දෙස් විදෙස් සම්මානයන්ට පවා පාත්‍ර විය.
එමෙන්ම විශිෂ්ඨ ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ජනමාධ්‍ය පර්යේෂකවරයෙකු, සිනමා හා සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම පරිසරවේදියෙකු වූ එතුමන් අප රටේ අසහාය විශ්වකෝෂයක් බදුවූ හෙයින් ඇවිදින පුස්තකාලය නමින් ද විරුධාවලියට පාත්‍ර විය.
දැයේ දැනුම් පිපාසිත සුවහසක් දූ දරුවන්ගේ නෙත් පාදමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අත්පොත් තබන්නන් හට නිර්ලෝභීව දැනුම බෙදාදුන් අසහාය ගුරු පියෙකුගේ භූමිකාවද ඔහු මනාව ඉටු කළේය. මේ මළ හිරු බසිනා සන්ධ්‍යාවේ දැයක් එළිය කළ මිණි පහන සියවස් ගණනාවකට නොමැකෙන පරිදි අනාගතයට ආලෝකයක් ලබාදී නිවී ගොස් ඇත.
මෙලෙස රටට දැයට අපරිමිත ලෙස යුතුකම් ඉටුකර නික්ම යන අසහාය යුග පුරුෂයාණෙනි, ඔබට සුභ ගමන්...!