ඒ මහතා මේ බව කියා සිටියේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු විසින්
ඉදිරිපත් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසිය;
“ මේ සම්බන්ධව වාද විවාද සිදු වෙනවා, නොයෙකුත් සකච්ඡා සිදුවෙනවා. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය තීන්දු කර නැහැ. පාර්ලිමේන්තුවට ගිහිනුත් නැහැ. එමෙන්ම, කොටස් වෙළඳපොළට යොදවන්නේ නම් ඒ යොදවන්නේ 49% පමණක් බවත්, 51% සැම විටම රජය සමඟ තබාගන්නවා.
ඒ කෙසේ වුවත් මෙකි සියල්ල අවසාන තීන්දුව නොවන බවත්, මේ සම්බන්ධව දිගින් දිගටම තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත්, එකී සකච්ඡා මත ගනු ලබන
තීන්දු තීරණ වෙනස් විය හැකි බවත්, රටේ උන්නතිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ විටෙක අවසානයේ රටේ උන්නතිය වෙනුවෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන බවත්, භූ දේශපාලනය සම්බන්ධ හැඟීමක් ද රජයට තිබෙන බවත්, මෙකී කරුණු සියල්ල සැළකිල්ලට ගනිමින් තීන්දුවක් ගන්න බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.