විපක්ෂය විසින් නඟන ලද මෙම ප්‍රකාශය අසත්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම ඉතාම වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවත්, ස්පොට් ටෙන්ඩර් කිහිපයක් අවලංගු කර වැඩි මිලට ගනු ලබන බවට කරන ලද චෝදනාව පදනම් විරහිත, සාවද්‍ය චෝදනාවක් බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
එමෙන්ම, විපක්ෂය මිලදී ගත්තාට වඩා වැඩි ඉතාම තරඟකාරී මිල ගණන් වලට අනුව වර්තමාන ආණ්ඩුව විසින් මිල දී ගනු ලැබූ අතර කිසිඳු ටෙන්ඩරයක් අවලංගු කිරීමට කටයුතු නොකළ බවටත්, අඩුම ලංසුව ඉදිරිපත් කළ සැපයුම් කරුහට ටෙන්ඩරය ලබා දීමට කටයුතු කළ බවත්, ඔවුන් පසුව ගල් අඟුරු පටවන වරාය වෙනස් කර ගැනීම සඳහා අනුමැතිය ඉල්ලු බවත් උදය ගම්මන්පිල මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
වරාය වෙනස් කිරීම යනු මිල ගණන් වෙනස් වන බවත් එමඟින් අනිකුත් ටෙන්ඩර් කරුවන්ට අවාසියක් සිදු වන හෙයින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා එකී සැපයුම්කරුවා ටෙන්ඩරයෙන් ඉවත් වූ බවත්, දෙවන සැපයුම්කරුවාගේ මිල පළමු සැපයුම්කරුවාගේ මිලට වඩා එනම්, මෙට්‍රික් ටොන් 01 කට ඩොලර් 07 කින් වැඩි වීම නිසාත්, එම ඩොලර් 07 කින් වැඩි වීම ජාත්‍යන්තර ගල් අඟුරු මිල දර්ශකය යේ මිල දර්ශකයේ මිල ගණන් වලට වඩා වැඩි අගයක් ගත් නිසාත් එම ටෙන්ඩරය අවලංගු කර නැවත මිල ගණන් කැඳවීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව, ආණ්ඩුව දුෂිත වන්නේ නම් සිදු කරන්නේ ඩොලර් 07 කින් වැඩි ටෙන්ඩරය මිල දී ගැනීම නමුත්, වත්මන් ආණ්ඩුව එසේ සිදු නොකර පළමුව ගැනුම්කරුගේ ඉල්ලීම සහ දෙවන ගැනුම්කරුට ටෙන්ඩරය ලබා නොදීමට තීරණය කිරීම මඟින් වර්තමාන රජය විසින් රටට වාසි දායක අයුරින් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.