වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ආරාධනයෙන් පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කිතුල් නිෂ්පාදනකරුවන් 120 දෙනෙකුට මෙම භාණ්ඩ ලබාදීම සිදුවූ අතර, පැණි නිපදවීම සදහා ලීටර් 15 ප්‍රමාණයේ තාච්චියක්, වැහි කබායක්, හිස්වැස්මක්, ලීටර් 08 ප්‍රමාණයේ බාල්දියක්, පිහියක් ඇතුළු උපකරණ මේ අතර විය.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති අජන්ත හිත්තැටිය හා පොල් කිතුල් හා රබර් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.