අද (27) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 59,921 ක් වන අතර ඉන් . අද (27) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (27) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 709 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. අද (27) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඇය රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (27) දින උදෑසන වනවිටශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (27) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 8,030 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (26) දිනය තුල PCR පරික්‍ෂණ 16,431 ක් සිදුකර ඇත.