විදුලි බල මණ්ඩලය මෙතෙක් භාවිතා කළ ආනයනික පරිවාරක උපාංග සාම්පල උපයෝගී කරගනිමින් ලංකා පිගන් සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කළ පළමු පරිවාරක උපාංග කට්ටල් පසුගිය දා 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
2020 දෙසැම්බරයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලයේ සහ ලංකා පිගන් සංස්ථාවේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට විදුලිය සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිපදවීමේ හැකියාව විමසා බැලීම පිණිස පැවති සාකච්ඡාවේදී ආනයනික සාම්පල යොදාගනිමින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ලංකා පිගන් සංස්ථාවට පැවරිණි. එම සංස්ථාව මසක් වැනි කෙටි කලකදී අවශ්‍ය සාම්පල දේශීයව නිපදවා කර්මාන්ත අමාත්‍යවරයාට මෙසේ පිළිගන්වා තිබේ.
ආනයනික උපාංගවලට වඩා ශක්තිමත් බවින් යුතු, මිල අඩු දේශීය විදුලි පරිවාරක උපාංග මෙරට විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම පියවර 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සංකල්පය තවදුරටත් ඉහළට ඔසවා තැබීමේ පියවරක් බව ද මෙහිදී පෙන්වා දුන්නේය.