අද දින එන්නත්කරණ වැඩසටහන ඇරඹීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මේ බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද දින රෝහල් 06ක මෙම එන්නත්කරණ වැඩසටහන සිදුවන බවයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉදිරිපෙළ සේවයේ නියුතු වූවන් හට සහ ආරක්ෂක අංශ වල පුද්ගලයින් සදහා අද දින එන්නත ලබාදෙන බවද ඔහු පැවසුවේය. හෙට සිට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල එන්නත්කිරීම ඇරඹීමට බලාපොරොත්තු වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.