පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට එන්නත ලබාදීම ඇරඹුවා - ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ

    ජනවාරි 29, 2021

     ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට එන්නත ලබාදීමේ කටයුතු අද දින ආරම්භ කළ බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේය.


    ජාතික රෝහලේදී එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙම එන්නත ඉන්දියාවේ පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබුණු බවත්, මෙම අවස්ථාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය රාජේෂ් මහතා පැමිණ සිටින බවත් සිහිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ එතුමාව සාදරයෙන් පිලිගනිමින් අද දිනයේ මෙම කටයුත්ත ආරම්භ කළ බවයි.

    දින දෙක තුනත් ඇතුලත සියලුම කාර්යය මණ්ඩල වලට මෙම එන්නත ලබාදීමට කටයුතු කරන අතරම මේ සම්බන්ධයෙන් යුහුසුලුව කාර්ය මණ්ඩලය යොමුවී සිටින බවද ඔහු පැවසුවේය. දස දහසක පමණ කාර්යය මණ්ඩලයකට එකවර එන්නත ලබාදීම අසීරු බැවින් ජාතික රෝහලේ ස්ථාන 04කදී එන්නත් ලබාදීම සිදු කර ඇත.

    අද දිනයේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව මසකින් ලබාදෙන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
    මෙය ඉතාමත් හොද කර්තව්‍යයක් වන බවත්, මෙම එන්නත නොමිලේ ලබාදීම සම්බන්ධව නැවත වරක් ස්තුතිවන්ත වන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය මෙම කටයුත්තේදී ජාතික රෝහල සමග ළගින් කටයුතු කරන බවත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය යුහුසුලුව ක්‍රියා කර ඉතාම කෙටි කාලයකදී ඉතාම සාර්ථකව මෙම වැඩේ ඇරඹි බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා මෙහිදී සිහිපත් කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya