“ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්තත් කරන රජයේ වැඩ පිළිවෙල අනුව යමින් මෙහි පළමු මාත්‍රාව නාවික හමුදාවේ සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන ඉදිරි පෙළ නාවික හමුදා පුද්ගලයින් සහ කොව්ඩ් 19 අවධානම හමුවේ ආරක්‍ෂක රාජකාරි හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන නාවික හමුදා සාමාජිකයින් වෙත සංකේතාත්මකව ලබා දීම (2021 ජනවාරි 29) සිදු කරන ලදි. ඒ අනුව නාවික හමුදාව වෙත ලබා දුන් “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් දස දහසක (10000) ප්‍රමාණය එම ප්‍රමුඛත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබා දීම සිදු කෙරේ.
එමෙන්ම සියළු නාවික හමුදා විධානයන් ආවරණය වන පරිදි විධාන නාවික රෝහල් තුලදී එම එක් එක් විධානයන්හි කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සම්බන්ධ වන ඉදිරිපෙළ නාවික හමුදා පුද්ගලයින් සහ කොව්ඩ් 19 අවධානම හමුවේ රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින් වෙත ද මෙම “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
වැලිසර නාවික මහ රෝහලේදී මෙම එන්නත සංකේතාත්මකව නාවික පුද්ගලයින් වෙත ලබා දීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, වැලිසර නාවික මහ රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය සහභාගී වී සිටින ලදි.
මෙම “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබා දීමේ රජයේ වැඩ පිළිවෙල මගින්, කොවිඩ් -19 අවධානම හමුවේ සාගර කළාපයේ මෙන්ම දිවයින වටා වූ වෙරළ තීරයෙහි ආරක්‍ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර, පොදු ස්ථාන විෂබීජහරණය කිරීම, කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීම හා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කිරීම සඳහා මෙම එන්නත්කරණය මහත් පිටුවහලක් වනු ඇත.