අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීමට සහභාගි වෙමිනි. මෙම රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේක්ම කාර්යාලයේදී පැවත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"2013 වර්ෂයේදී නොරොච්චෝල බලාගාරය අපේ පද්ධතියට එක්වූ පසු මේ මොහොත දක්වා ප්‍රධාන පද්ධතියක් එක් වෙලා නැහැ. මෙගාවොට් 300 ක් වැනි ප්‍රමාණයක් පමණයි සූර්ය සහ කුඩා ජල විදුලි බලාගාර වලින් ලැබිලා තිබෙන්නේ. වසර 07 ක් තිස්සේ ප්‍රධාන බලාගාරයක් ජාතික පද්ධතියට එක්නොවීම විශාල අර්බුධයක්. මේක විදුලිබල මණ්ඩලයේ වරදක් හෝ අවශ්‍යතාවක් නොමැකි තත්ත්වයක් මත සිදුවූ දෙයක් නොවෙයි. ඒ ඉතිහාසයත් ආවරණය කරගෙන තමයි අපිට අද විදුලිබල ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි හැකි ඉක්මනින් LNG බලාගාර දෙක වෙත යන්න කටයුතු කරන්නේ. ලබන මස වෙද්දි එක් බලාගාරයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඉදිරි දෙසතිය තුළ අනෙක් බලාගාරයේ ටෙන්ඩර් කැඳවීම් සිදුකරන්න කටයුතු කරනවා. කිසිම දෙයක් ක්ෂණිකව කරන්න බැහැ. සෑම දෙයක්ම පියවරෙන් පියවර ලඟාකර ගනිමින් තමයි අපි සිටින්නේ. ඒ නිසා මේ දේවල් සිදුවී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ පාඩුවක් නිසා කියලා කිසිම විටෙක විදුලිබල මණ්ඩලයට ඇගිල්ල දිගුකරන්න එපා" යැයි පැවසීය.
නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ගරු අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමකට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික පහසුව මෙන්ම ගුණාත්මක විශ්වාසදායි විදුලි සැපයුමක් වෙනුවෙන් දිස්ත්‍රික්කයටම වෙන්වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කලාපයක් ස්ථාපිත කිරීමට මේ වනවිට ප්‍රතිපත්තිමය තින්දුවක් ගැනීමට සමත්වූ බව පැවසූ අමාත්‍යවරයා, ජනතාවගේ විදුලි ගැටළු සම්බන්ධයෙන් නව රජය කෙතරම් සංවේදිත්වයක් දක්වනවාද යන්න ඒ තුළින් සනාත වන බව පැවසීය. එසේම දිස්ත්‍රික්කයේ විදුලි කණූ විතැන් කිරීමේදී කටයුත්තේදී මාර්ග වල සිදුවිය යුතු ප්‍රථිසංස්කරණ කටයුතු පිළිබදව ද මහාමාර්ග අමාත්‍යාංශය සමග එක්ව ප්‍රතිපත්තිමය තින්දුවක් ගැනීමට ද ඉදිරියේදී ක්‍රියාකරන බව පැවසීය.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානන්දු මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.