යාපනයේ ඊ.පී.ඩී.පී මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදී.
නීති විරෝධී ලෙස අපේ මුහුදු තීරයට පිවිසෙන ඉන්දීය ධීවරයන් අපගේ මුහුදු සම්පත් විනාශ කරමින් නීති විරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, එම නිසා අපගේ ධීවර කර්මාන්ත කරුවන්ගේ ආර්ථීකය හා ජීවන උපාය මාර්ග පසු බෑමට ලක්වන බවත්, ඉන්දීය ධීවරයන්ගේ මෙම ක්‍රියාකලාපය අප ප්‍රතික්ෂේප කරන බවත් දේවානන්දා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙරට ධීවරයන්ගේ ජීවන උපාය මාර්ග හා ඔවුන්ගේ ආර්ථීකය ආරක්ෂා කරමින් ඒ අයට යහපත් අනාගතයක් ඇති කිරීමට කුමන බාධා මැද වුවද වගකිවයුතු අමාත්‍යවරයෙක් ලෙස තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.