මේ වනවිට අපේ රටේ ලක්ෂ 42 ක් පමණ පාසල් දරුවන් සිටිනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම මේ දරුවන්ගේ වටිනාකම හොදින්ම දන්නවා. ඒ නිසා තමයි මම ලලිත්වීරතුංග ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළේ, මෙරටට ලැබුණ කොවිඩ් එන්නත ලබාදීමේදී, අපේ පාසල් පද්ධතියටත් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්න කියලා. අපේ සෞඛ්‍ය අංශ වෙත
ප්‍රථමයෙන්ම මෙය ලබාදීම ඉතාමත් වැදගත්. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අංශයන්ටත් විදුලි බලාගාර ආශ්‍රිත සේවයන්ටත් ප්‍රමුඛස්ථානයක් ලබාදීම රජයේ වැදගත් පියවරක්. ඒ වගේම
අපේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරු පරපුර ගැනත් අපි සැලකිළිමත් වියයුතුමයි. ඔවුන්ටත් මෙවර සාමාන්‍ය පෙළ සදහා ඉදිරිපත් වන දරුවන්ටත් මෙම එන්නත ලබාදීමේදී ප්‍රමුඛස්ථානයක්
දියයුතුයි යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, (29) පස්වරුවේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ පැවති ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවකට සහභාගි
වෙමිනි. මෙම විදුලි යෝජනා ක්‍රමය මගින් කඹුරුපිටිය ප්‍රදේශයේ මෙතෙක් විදුලිය පහසුකම් නොමැතිව සිටි පවුල් විශාල සංඛ්‍යාවකට විදුලිය පහසුකම් සැපයේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ වනවිට සමස්ත ලෝකයම රුදුරු කොවිඩ් මාරයා වෙලාගෙන අවසන්. ලෝකයේ රටවල් අතරින් කොවිඩ් 19 වසංගත තත්ත්වය කළමනාකරණය කළ හොඳම රටවල් 10 අතරට අද ලංකාව
පැමිණිලා තිබෙනවා. එහි ප්‍රධාන ගෞරවය ජනාධිපතිතුමාට ලබාදිය යුතුයි. එතුමාගේ දූරදර්ශී නායකත්වය තුළින් රට තුළ ක්‍රියාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තුළින් තමයි අපේ රටට
මෙවැනි තත්තවයකට පත්වීමට අවස්ථාව ලැබුණේ. ඒ නිසා එහි පූර්ණ කෘතවේදත්වය අපි ලෝබ නැතිව, කුහක නැතිව අතිගරු ජනාධපිතිතුමන්ට ලබාදිය යුතුයි යැයි පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්, රාජ්‍ය අංශ නිලධාරීන් මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.