අක්ත පත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් බැහැදුටු තානාපතිවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියාන් උතුමාණන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන්, අනෙකුත් සියලුම පාලකවරුන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා ජනතාවගේ සුබ පැතුම් පිරිනැමුවේය.
මෙම සුහද හමුව අතරතුර දී, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මිත්‍ර සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පරිදි විශාල වශයෙන් වර්ධනය වී ඇති බවත්, දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා හොඳම මිතුරු තත්ත්වයට උසස් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ෆෙඩරල් ජාතික කවුන්සිලයේ කථානායක සක්ර් ගොබාෂ් මැතිතුමා, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් ෂෙයික් සයිෆ් බින් සෙයිද් අල් නහියන්
උතුමාණන්, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජනාධිපති කටයුතු අමාත්‍ය ෂෙයික් මන්සූර් බින් සෙයිද් අල් නහියන් උතුමාණන් සහ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය ෂෙයික්
අබ්දුල්ලා බින් සෙයිද් අල් නහියන් උතුමාණන් ද මෙම අක්තපත්‍ර උළෙලට සහභාගී වූහ.
අක්ත පත්‍ර උත්සවයෙන් අනතුරුව, ව්‍යාපාරික නායකයින්, බැංකුකරුවන්, ව්‍යවසායකයින්, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල කාර්යය මණ්ඩලය සඳහා තානාපති නිල නිවස වන “ශ්‍රී ලංකා මන්දිරයේ” දී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.
තානාපති මල්රාජ් ද සිල්වා මහතා විවිධ හැකියාවන්ගෙන් සමන්විත වෘත්තීය පරිපාලකයෙකි. එතුමාගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයේ දී සම්පූර්ණ කරන ලද
අතර සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස උපාධිය ලබා, එංගලන්තයේ ඉංජිනේරු ආයතන කවුන්සිලයෙන් විදුලි ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි
නිලධාරීන්ගේ ජාත්‍යන්තර සමුළුවෙන් ගොඩනැගිලි නිලධාරී සුදුසුකම ද ලබා සිටී. පසුව, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායට ඍජුව බඳවා ගනු ලැබූ තානාපති මල්රාජ් ද සිල්වා මහතා,
ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ උතුරු මාළිගාවේ සියලුම ඉදිකිරීම් කටයුතු භාරව සිටින ප්‍රාදේශීය ප්‍රමාණ සමීක්‍ෂක සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් කළමනාකරණ
ඒකකයේ ඉදිකිරීම් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළේය. තානාපති පදවියට පත්වීමට පෙර තානාපති මල්රාජ් ද සිල්වා මහතා, ලොස් ඇන්ජලීස් සහ
ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්ත අටක කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.