73 වන නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පෙබරවාර 04 වැනි දිනට යෙදෙන 73වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් අද සිට ලබන 07 වනදා දක්වා සියළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන සහ නිවාස වල ජාතික කොඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. නිදහස් දිනයට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඇතුළු හින්දු ,මුස්ලිම් කතෝලික සහ ක්‍රිස්ත්‍රියානි ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සෑම ගමකම විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විධි විධාන සකස් කර තිබේ.
මෙවර නිදහස් දින උත්සවය ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බික් යන තේමාව යටතේ පැවැත් වේ. 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ . සියලුම් දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා ග්‍රාම නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, රජයේ ප්‍රවෘත්ති අධ‍්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු එක්ව සිටියහ.