පාසල් විවෘත කිරීම සිදු කෙරන්නේ රටේ සාමාන්‍ය තත්වය මත නොවන නිසා පැරණි චක්‍රලේඛ මතම පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දරුවන්ගේ සෞඛ්‍ය
මාර්ගෝපදේශ වලට මුල්තැන ලබාදී ප්‍රායෝගිකව කටයුතු කලයුතු බවත් ඔහු පෙන්වා දෙයි.මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සමඟ පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ
බව සඳහන් කළේය. රැස්වීම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී පහුගියදා (30) පැවැත්විණ.
මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ මිනුවන්ගොඩ කලාපයේ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේහ මත යලි ආරම්භ කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 95ක මුදලක් වෙන්කර ඇති බවයි. ඒ අනුව ළමුන් සංඛ්‍යාව අනුව පාසල් වලට දරුවන්ගේ උෂ්ණත්ව මැනීමේ උපකරණ, අත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හා විෂබීජානුහරණ කටයුතු සිදු කෙරෙන බවද ඇමතිවරයා කීවේය.
දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ ඕනෑම ක්‍රමවේදයකට රජය එකඟ බවත් ඒ ඒ පාසල් වල තත්වයන් අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ වගකීම විදුහල්පතිවරුන් සතු බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් හේතුවෙන් රට තුල ක්‍රියාත්මක වන්නේ නව සාමාන්‍යකරණ තත්වයක් බවද පෙන්වා දුන්නේය.
මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ වනවිට බස්නාහිර පලාතේ 11 වන ශ්‍රේණියේ පංති ආරම්භ වී ඇති බවයි. ''බයෝ බබල්'' ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් 11 ශ්‍රේණි පංති ආරම්භයේදී ක්‍රියාත්මක කිරීම නිසා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වී ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීවේය.
මෙම සාකච්ඡාවේදී විදුහල්පතිවරු සිය පාසල් වල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටළු ඇමතිවරයාට ඉදිරිපත් කල අතර ඇමතිවරයා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරමින් ඊට කඩිනම් විසඳුම් ලබාදීමටද කටයුතු කළේය.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් , කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.
ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් 11 ශ්‍රේණි පංති ආරම්භයේදී ක්‍රියාත්මක කිරීම නිසා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වී ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීවේය.