ඔහු මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ සාමාජිකයන් සහ ආරක්ෂක අංශ වල සේවයේ නියුතු වූවන් සදහා එන්නත්කරණය ඇරඹූ අතර ඊයේ සවස වන විට 95,550 දෙනෙකු සදහා එන්නත්කරණය අවසන් වී ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.
අද උදෑසන වන විට මේ දක්වා ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත ලබාදී ඇතත් එමගින් මේ දක්වා කිසිදු අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා වී නොමැති බව වගකීමෙන් සදහන් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය. සාමාන්‍යයෙන් ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු 2%ට පමණ සුළු උණ සහ වේදනාවන් ඇතුළු සුළු ආසාත්මිකතා ඇතිවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල සේවයේ නියුතු ඉදිරිපෙළ සාමාජිකයන් වන කොවිඩ් මර්දන කටයුතු සදහා සක්‍රීයව දායක වූවන් සෑමදෙනෙකුම කැමැත්තෙන් එන්නත ලබාගැනීමට ඉදිරිපත් වූ අතර ඔවුන්ද මේ වන විට එන්නත ලබාගැනීමෙන් පසු හොදින් පසුවන බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
ඉදිරියේදී එන්නත මිලියන 05ක් පමණ ලංකාවට ගෙන්වා ජනතාවට ලබාදීමට අපේක්ෂිත බවද එම එන්නත ලබාගැනීමට කිසිදු බියක් ඇතිකරගත යුතු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.