අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,
2017 අප්‍රේල් 25 වන දින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ දී මලික් සමරවික්‍රම ඇමතිවරයා හා එවකට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි වන සුෂ්මා ස්ව්රාජ් ( Sushma
Swaraj )මහත්මිය අතර ශ්‍රි ලංකාව තුළ ඉන්දියානු ව්‍යාපෘති 17ක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත්,එම අවබෝධතා ගිවිසුමට කොළඔ වරායේ එක් පර්යන්තයක්
ඉන්දියානු ආයෝජනයේන් සංවර්ධනය කිරිමත් එයට ඇතුළත් වු බව කීය. ඊට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාව ලබා දීම,ගැස් විදුලි බලාගාරයක් ඉදිකිරිමට ඉන්දියාවට ලබා දීම,
ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනයට ඉන්දියාවට ලබා දීම ඊට ඇතුළත් වු බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි දිගුවක් ලෙසින් 2019 මැයි මස 28 දින එවකට වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා
විසින් ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කරනවා, කොළඔ වරායේ පර්යන්තය ඉන්දියාව , ජපානය හා ශ්‍රි ලංකාව හවුලේ සංවර්ධනය කරන ලෙසට. එහිදී 51% -49% සුත්‍රය සහිත ගිවිසුමකට
එළඹුණු බව උදය ගම්මන්පිළ ඇමතිවරයා සඳහන් කළේය.
''ඒ ජාත්‍යන්තර බැඳිම සහිතව තමයි මේ ආණුව බලයට පත් වුණේ, එසේම එම ජාත්‍යන්තර බැඳිමේ දනිමින් ,දරමින් රට ගැන හිතලා උපායමාර්ගිකව,අතිශයින්ම වැදගත් නැගෙනහිර පර්යන්තය
වරාය අධිකාරියට 100%ක් අයිතිය හා කළමණාකරණය යටතේ තිබිය යුතු ''යැයි කියා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.