පාලන මිලක් පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ජනතාවට නොලැබෙන බදු සහන වෙනුවෙන් ඉදිරියේදී රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ්
පතිරණ මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පාලන මිලක් නියම කළද ජනතාවට නොලැබෙන බදු සහන සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී දීර්ඝ වශයෙන් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කළ බවද, මෙරට ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදීමේ ක්‍රමවේදයන් රාශියක් පිළිබද එකගතාවය කැබිනට් මණ්ඩලය විසින් පළ කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.
ලංකාවට ප්‍රධාන වශයෙන්ම මෙම ආනයනයන් පිටරටින් ගෙන්වන සමහර ද්‍රව්‍ය වන පරිප්පු, ලූණු, සීනි ඇතුළු දුව්‍ය වල පාලන අධිකාරී බලයක් මෙරට පෞද්ගලික ආනයනකරුවන් සතුව පවතින අතර, ලංකාවේ නිෂ්පාදනය උපරිම තලයකට ගෙන එන තෙක් ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන් සමග කිසියම් එකගතාවයක් ඇතිකරගැනීම සදහා ස්ථාවර මිලක් ඇතිකර ගැනීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.
එම මිල ඇතිකර ගැනීම සදහා එකගතාවයන්ට එළඹීමට අවශ්‍ය අනුමැතිය වෙළද ඇමතිතුමන් හට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. පසුගිය දින වල ලාංකික ජනතාවට සහන මිලට සීනි ලබාගැනීමට රුපියල් 50කින් බදු අඩු කළ බවද නමුත් එම සහනය ජනතාවට ලබාදීමට සීනි ආනයනකරුවන් සූදානම් නොවුණු බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අප රටෙහි නිදහස් වෙළදාමට ඉඩදී ඇති අතර එම වෙළදාමේදී සමහර අවස්ථා වල රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් කළ යුතු අවස්ථා මතුවී ඇති බවයි.
බදු සහන ලබාදුන් පසුවත් එම බදු සහනය අවසන් ප්‍රතිඵලය ලෙස රටේ ජනතාවට නොලැබෙන අවස්ථාවක් ඇතිවී තිබෙන බැවින් මේ පිලිබදව දීර්ඝ සාකච්ඡා සිදුකර කරුණු අධ්‍යයනය කරමින් පවතින අතරම ඉදිරියේදී යම් යම් වැඩසටහන් සදහා රාජ්‍ය මැදිහත්වීම ලබාදීමට වෙළද අමාත්‍යංශයට අවශ්‍ය බලය සහ ප්‍රතිපාදන රජය විසින් ලබාදී ඇති බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේය.
ආනයනකරුවන් සහ සැපයුම්කරුවන් අතර කිසියම් ඒකාධිකාරී බලයක් පවතින අතරම ඔවුන්ව නිදහස් වෙළදකරණය යටතේදී පාලනය කිරීම පිළිබදවත් ගැටලු මතුවී ඇත. එම නිසා රාජ්‍ය මැදිහත්වීම ඒ සඳහා ලබාදීමටත් රාජ්‍ය ආයෝජනය මෙම කටයුතු සදහා යම් පමණකින් මැදිහත් කරවීමටත් ඊයේ දින කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.