අද (02) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හුමවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,ජනමාධ්‍යවේදින් විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට රජයට එල්ල වන
චෝදනා පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
2010 හා 2015 යුගයේ මුලික වශයෙන් යුද අපරාධ ස්මබන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එවකට අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිළි ව ඉදිරිපත් කළ බවත්,ඉන් අපි අතර
එකඟතා ගණනාවක් ඇති වු බවත්,අවාසනාවට 2015 ආණ්ඩු වෙනත් එක්ක එවකට සිටි විදේශ ඇමති විසින් 30/1 යන යෝජනාව සම අනුග්‍රහයත් සමඟ අපි වැරදි කළා යැයි යොජනාව ඉදිරිපත් කිරිමත් සමඟ ඇති වු ප්‍රතිඵලය තමයි තාමත් භුක්ති විදින්නේ.
එවකට යහපාලන රජයේ සිටි තිලක් මාරපන ඇමතිවරයා තම කතාවේ දී ප්‍රකාශ කළේ, මෙම යොජනාව රටේ ව්‍යාවස්ථාවට පවා පටහැනි බවයි. එසේම නැවත පත් වු අපේ
රජයේ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා, ඉන් අපි ඉවත් වන බව. එසේ වුවද මෙම සැසි වාරයේ දි අපි නිවැරදි බව සවිස්තරව ඉදිරිපිත් කිරීමට
බලාපොරොත්තු වන බවත්, මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පදනමක් හා කරුණු කාරණා එක්ව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.