ආරක්ෂක කමිටු පිහිටුවීමේ පළමු අදියර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 06 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කරන බවත්,රට තුළ සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටු වීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය පිහිටුවීමෙන් පසු අමාත්‍යංශය වෙත ලබා දුන් මුදල් වලට අමතරව රුපියල් මිලියන දෙදහස් පන්සීයක මුදල් ප්‍රතිපාදනයක් දීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මුදලින් පොලීසිවල තිබෙන යටිතල පහසුකම් සංවර්ධනයට කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර,පොලිස් කොට්ඨාස හතළිස් හතරට අලුතින් වාහන ලබාදී විශේෂිත වූ කණ්ඩායම් යොදවා ලැබෙන බුද්ධි හා මහජන තොරතුරු අනුව කඩිනමින් ක්‍රියාශීලීව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්,පොලීසියේ ආරක්ෂණතාව හා චිත්ත ධෛර්යය වැඩි කිරීම උදෙසා අමාත්‍යාංශය වෙත ලැබී ඇති ප්‍රතිපාදන වෙන් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
අමාත්‍යවරයා විසින් හදිසි පොලිස් ඇමතුම් අංකය වන 119 ට අමතරව 118 දුරකථන අංකයත් නුදුරේදීම හඳුන්වා දීමට කටයුතු කරනු ඇති අතර හදිසි පොලිස් සේවාව වඩා ශක්තිමත් කිරීමට
විශේෂිත වූ කණ්ඩායමක් යෙදවීමටද, 1997 දුරකථන අංකය හරහා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීමට හැකි වන ලෙස මෙම දුරකථන අංක හඳුන්වා දීමට කටයුතු සැලසුම් කර ඇති අතර
එමගින් මහජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.එමෙන්ම අමාත්‍යවරයා වෙත ලිපි මගින් තොරතුරු ලබාදීමට අවස්ථාව සලසා දෙන අතරම එහිදී
සත්‍ය තොරතුරු පමණක් ලබා දීමට වග බලා ගන්නා ලෙස හා තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය සුරකින බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ මුලික වගකීම ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීම යන්න මුල්කර ගනිමින් දුෂිතයන් හා අපරාධකාරයන්
නැති පරිසරයක් ජනතාවට උරුම කර දීමට මගේ උපරිම ශක්තිය යොදවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.