පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය යනු පරිසරය ආරක්ෂා කරමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මිස පරිසරයට හානි වන අයුරින් කටයුතු කිරීම නොවන බවද ඇමතිවරයා අවධාරණය කරයි.
පසුගිය දා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති කළුතර දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු සංවර්ධන රැස්වීමේදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ජීවනෝපාය සංවර්ධන කමිටු වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙයි.
ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ කළුතර දිස්ත්‍රික්කයේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 133 ක් හදුනාගෙන ඇති බවයි. ඉන් බොහෝමයක් පිහිටා ඇත්තේ වන ජීවී හා වන සංරක්ෂණ කළාප ආශ්‍රිතවයි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස මෙම ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. සංචාරක හෝ මොනයම් කර්මාන්තයක් ප්‍රවර්ධනයට කටයුතු කලද වනජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව කටයුතු කිරීමේදි ඒවායේ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවද ඇමතිවරයා මෙහිදි අවධාරණය කළේ ය. එබැවින් එවැනි ස්ථාන ප්‍රවර්ධනය කිරීමේදි වනජීවී අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඇමතිවරයා අවධාරණය කළේ ය.
කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 30 ක් මේ වසර තුල වෙන් කර තිබේ. කළුතර දුම්රිය ස්ථානය සංවර්ධනය, මාකෙලිය හා තුම්මෝදර ඇල්ල ආශ්‍රිත සංචාරක ආකර්ෂනය ප්‍රවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ සිදු කෙරෙන බවද ඇමතිවරයා කිවේය.
වලල්ලාවිට යගිරල රක්ෂිතය හා කළුගල රක්ෂිතය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කෙරේ මීගම, මගුර කඩොලාන ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ද ආරම්භ කිරීමට අපෙක්ෂිතයි
පාහියංගල ලෝක උරුමයක් ලෙස නම් කිරීමටත්, කැලිඩෝ වෙරළ සංවර්ධනය කිරීමටත් මෙහිදි තීරණය කෙරිණි. ඒ සදහා අවශ්‍ය මූලික පියවර ගන්නා ලෙස ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය. කළුතර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයට අදාල ගැටලු කඩිනමින් විසදීමටද තීරණය කෙරිණි. ඉඩම් හිමිකම් නොමැති අයට කඩිනමින් ඉඩම් ඔප්පු ප්‍රධානය කෙරේ. දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සදහා ඉඩම් ලබා දීමටද අපෙක්ෂිතයි. ඌණ උපයෝජිත ඉඩම් අක්කර 22,172 ක් දිස්ත්‍රික්කය තුළ ඇතැයි හදුනාගෙන තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ පොදු මගී සේවා විධිමත් කිරීම සදහා අවශ්‍ය බස් රථ යොදවන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට මෙහිදි උපදෙස් දුන්නේය. ප්‍රවාහණ අමාත්‍යාංශය ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රවාහණ අවශ්‍යතාව සපුරාලීම සදහා බස් රථ 100 ක් අළුතින් යෙදවීමට සැලසුම් කර තිබේ. දිස්ත්‍රික්කයේ සමෘද්ධි පවුල් සවි බල ගැනීම පිලිබදව මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර එයාර් වයිස් මාර්ශල් රොෂාන් ගුණතිලක, රොෂාන් රණසිංහ, මොහාන් පී ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහබාගී වූහ.