පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ලෙස අක්කර 41 ක් යොදාගැනීමට නියමිතය. කර්මාන්තපුරයේ පවතින ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිලිබදව වැඩිදුරටත් මෙහිදී සාකච්ජා කෙරිණි.
කර්මාන්තරුවන්ගේ ඉල්ලීම් අනුව කඩිනමින් එම කර්මාන්තපුරය පුළුල් කරමින් දේශීය කර්මාන්තරුවන්ගේ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස සහ ඊට සමගාමීව පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂක වින්දික පියරතන, පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම්, දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.