ඒ අනුව මෙම තීරණය පළාතේ සියළු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස් මහතාට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
පළාත් පාලන ආයතන විසින් වෙන් නොකළ කැළිකසල ලබා ගැනීම හේතුවෙන් කැළිකසල බැහැර කිරිමේදි පළාතේ සෞඛ්‍ය ගැටළු රැසක් මතුවී ඇති බවත් විධිමත් ලෙස එම කැළිකසල බැහැර
නොකීරිම හේතුවෙන් වල් අලි ගැටළු ද වැඩි වී ඇති බවත් මෙම හමුවේදි අනාවරණය විය.
එම නිසා මින් ඉදිරියට දිරන සහ නොදිරන වශයෙන් වෙන වෙනම කැළිකසල එකතු කිරිමේ කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙසද ආණ්ඩුකාරවරිය
උපදෙස් දුන්නාය.
මෙම තීරණයන් පිළිබදව ලබන මාර්තු 01 වන දාට පෙර ජනතාව දැනුවත් කිරිමේ ක්‍රමවේදයක් සකසන ලෙසද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.
මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස් මහතා, පළාතේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු
පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියාය