පසුගියදා ගාල්ල උඩුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එමෙන්ම පසුගිය වසරේ තේ දළු නිෂ්පාදනය කිරීම යම් අඩුවක් දක්නට ලැබුණු බවත්, එසේ වුවද තේ දළුවල මිළ ඉහළ මට්ටමක තබා ගැනීමට තම රජයට හැකියාව තිබූ බවත් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගොවීන්ට ජල ප්‍රභවයක් පවතී නම් ජල යෝජනා ක්‍රමයකට අවශ්‍ය ණය ආධාර මේ වසරේදී සපයන බවත් එමගින් වගාවට අවශ්‍ය කාලගුණික බලපෑම පාලනය කරගැනීම අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ගිය වසරේ පෙහොර ක්‍රමානුකූලව බෙදා දීමට නොහැකි වූයේ ඊට පෙර වසරේදී පොහොරවලට අවශ්‍ය මුදල් ගෙවීම් නිසි පරිදි සිදුකර නොතිබූ නිසා බවත්, මෙම වසරේ එම පොහොර ලබාදීමට පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායිනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා මේ වසරේදී පොහොර ක්‍රමානුකූලව ලබාදීමට දැඩි වෙහෙසක් දරන බවත්, මෙම වසරේ හිඟයකින් තොරව පොහොර ලබාදෙන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා බවසයි.
තේ වගා කරන සෑම වත්තකටම ඩොලමයිට් සහ සින්ක් සල්ෆේට් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයෙන් තමන් ඉල්ලා ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.