නිරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහිකිරීම අරමුණු කර වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමට හා රසායනික පොහොර භාවිතය අවම කර කාබනික පොහොර භාවිතයට ගොවි මහතුන් නැඹුරු කිරීම, පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ අරමුණ වී ඇත. ඒ සදහා පොහොර ලේකම් කාර්යාලය ඔස්සේ දියත් කළ 2020/21 මහ කන්නයේ කාබනික පොහොර වැඩසටහන මගින් කුඹුරු අස්වද්දා ඇත.
ඒ අනූව කාබනික පොහොර භාවිතා කළ කුඹුරු අධීක්ෂණය කර එම ගොවි මහතුන් දිරිමත් කිරීම සදහා පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත මොහාන්ද සිල්වා මහතා සහ අමාතයංශ නිලධාරීන් විසින් අද දින (03) තලවතුගොඩ, කිඹුලාවල, ශරීර සුවතා මංතීරුව අසල කුඹුරු යායෙහි ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කළහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත, පොහොර නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය විසින්, ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා “පරිසර හිතකාමී නියමු ව්‍යාපෘතිය 2020” යල කන්නයේදී වී වගාව සදහා දියත් විණි.
පරිසර හිතකාමී පොහොර නියමු ව්‍යාපෘතිය තුළින් පළමුව වී වගාවට යොදන රසායනික පොහොර ප්‍රමාණය 30%ක් අඩුකර ඒ සදහා ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර, පොහොර සහනාධාර වැඩසටහන හරහා නොමිලේ ලබාදේ.
ඉහත ව්‍යාපෘතිය හරහා 2020 යල හා දැනට ක්‍රියාත්මක 2020/21 මහා කන්නයන් තුළ කුඹුරු අක්කර 125,000ක් දිස්ත්‍රික්ක 15ක කාබනික පොහොර
යොදා වගාකර ඇත.
මෙම ව්‍යාපෘතිය ලංකාව පුරා ඇති සියලුම කුඹුරු ඉඩම් වලට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන අතර ඉන් රජයට වසරකට රැපියල් බිලියන 08කට වැඩි මුදලක් විදේශ විනිමය ලෙස ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.
වසර ගණනාවක් මුලුල්ලේ රසායනික පොහොර යෙදීම තුළින් නිසරු වී ඇති අපේ පස යළි සාරවත් කර ගොවීන්ගේ අස්වැන්න වැඩිකිරීම මෙම පරිසර හිතකාමී පොහොර ව්‍යාපෘතියේ අරමුණක් වේ.
මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මෙම ව්‍යාපෘතිය හරහා ගොවීන්ට ලබාදුන් “බයෝෆිල්ම් ජෛව පොහොර” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය පර්යේෂණ ආයතනයක් වන “ජාතික මූලික අධ්‍යයන ආයතනයේ” පේටන්ට් බලපත්‍රයක් සහිත නිෂ්පාදනයක් වීමද විශේෂත්වයකි.