කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්විය. මීට පෙර කම්කරු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කරන ලදුව පසුගියදා සම්මතවූ සේවය කිරීමේ අවම වයස අවු.14 සිට 16 දක්වා වැඩිකිරීමේ සංශෝධනයට සමගාමීව මෙම නියෝගය ඉදිරිපත් කර ඇත.
මීට අමතරව 2018 වර්ෂය සදහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සලකා බැලීම මෙහිදී සිදුවිය.කම්කරු අණපනත් සහ රෙගුලාසි පිළිබද දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මෙහෙවන ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ පසුගිය වර්ෂවල ප්‍රගතිය පිළිබද කමිටුවේ අවධානය යොමුවිය.මෙම ආයතනයේ පාඨමාලා සදහා NVQ සුදුසුකම්
ලබා ගැනීමේ කටයුතු කඩිනම් කොට සියලු පාඨමාලා වඩාත් විධිමත් ලෙස සංවර්ධනය කරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
පාර්ලිමේන්තුව මගින් හදුන්වාදෙන නව කම්කරු නීතියට සම්බන්ධ නෛතික ප්‍රතිපාදන පිළිබද නීතිඥවරුන්, කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ව සහ වෘත්තීය සමිති අවශ්‍ය පාඨමාලා සහ සම්මන්ත්‍රණ මගින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.ආයතයේ මූල්‍ය තත්ත්වය පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස කමිටුවේ සාකච්ඡාවට ලක්විය.
රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර,අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.