මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වූ මෙම මහා ජල සැලැස්ම මගින් උතුරු මැද, උතුර සහ නැඟෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටු වේ.ජාතික වැඩසටහනක් වශයෙන් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යා වැඩසටහන ජනපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ පළමු වැඩසටහන වේ.
මුළදී මෙම ව්‍යාපෘති කාලය වසර හයක් වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ වාරි මාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතාගේත් උපදෙස් මත මෙය වසර හතරක් යාමට පෙර අවසන් කිරීමට උපදෙස් දී ඇත.
පූජ්‍ය පක්ෂයේ ස්වමින් වහන්සේලා, ආණ්ඩුකාරවරු ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.