රජරට අපට විශාල දායාදයක් ලැබුණු බව පැවසූ අමාත්‍යවරයා ගොවිජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 70%ක් පමණ වන මෙරට ගොවි ජනතාවගේ විශාල අශිර්වාදයක් පවතින බවද කීය. අද උදෑසන අනුරධපුර, පලුගස්වැව, මහමීගස්වැව ප්‍රදේශයේදී, උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යපෘතිය ඉදිකීරීම්
සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේ උතුරුමැද මහ ඇළ මඟින් උතුරුමැදට මහවැලි ජලය ලබාදීම උතුරුමැද ජනතාව වසර 50 ක් තුළ දුටු සිහිනයක් සැබෑවීමක් බවයි. ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව එම සිහිනය සැබූ වූ බවත් මෙය වාරි ඉතිහාසයේ තවත් ඓතිහාසික පියවරක් බවත් පෙන්වා දුන්නේය.
දකුණු ආසියාවේ විශාලම උමං මාර්ගය මෙම ප්‍රදේශයේ ඉදිවන බවත් , මෙමගින් කිලේමීටර් 28ක් පොළව යටින් වතුර ගෙන යන බවත් පැහැදිළි කල අමාත්‍යවරයා වන සතුන්ට හා අලින්ට
මෙම ප්‍රදේශයේ එහා මෙහා යා හැකි වන පරිදි පොළොව යටින් උමග කැනීමට සැළසුම් කර බවද පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ 2007 වසරේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය අවසන් කරන අතරම මොරගහකන්ද ව්‍යාපෘතිය ඇරඹූ බවත් එහෙත්
පසුගිය වසර 05 තුළම රජරට සහ උතුරු මැද පළාත් වලට ජලය නොලැබුණු බවයි