සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම්
කාර්යාල පරිශ්‍රය, කොල්ලෑගම රජ මහා විහාරය, සේරන්කඩ පුරාණ රජමහා විහාරය සහ මීගස්වත්ත ළමා උද්‍යානය යන ස්ථානයන්හි අභිනවයෙන් ස්ථාපිත කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජල
පිරිපහදු මධ්‍යස්ථාන මගින් එම ප්‍රදේශයන්හි ජනතාවට තම දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව සපුරා ගැනීමේ පහසුකම් සැළසෙනු ඇත.
පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන්
සඳහා ගිණිකොන නාවික විධානයේ කපිතාන් සැපයුම් හා සේවා, කපිතාන් ප්‍රශාන් මාසෝ මහතා ඇතුළු ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්
සහභාගී වී සිටියහ.