ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදි කරේයිනගර් හා කයිට්ස් අතර මුහුදේ පාලමක් ඉදිකරන බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුව ඉටු කරමින් පාලම ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ප්‍රදේශයේ ජනතාව අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළහ.
කරේයිනගර් හා කයිට්ස් අතර කුඩා මුහුදු ප්‍රදේශයක් තිබීම නිසා මුහුදෙන් පාලමක් ඉදි කළ යුතු බව එම ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණි. ඒ පිළිබඳව අවධානය යොමුකළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙම පාලම ඉදිකර දෙන බවටපොරොන්දු වී තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව ක්‍රියාත්මක වන සෞභාග්‍යය දැක්ම වැඩසටහන යටතේ මෙම පාලම ඉදිකිරීමේ කටයුතු
නුදුරේදීම ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍යවරයා පැවසුවේය.
දැනටමත් මෙම පාලමේ ඉදිකිරීමේ කටයුතු සඳහා පරිසර අධ්‍යයන වාර්තා සකසා අවසන් කර ඇති අතර අවශ්‍ය මුදල් අග්‍රාමාත්‍යවරයාගෙන් ලබා ගත් වහාම මෙහි වැඩ කටයුතු ආරම්භ කර එමඟින් දෙපලාතේ ජනතාවට ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ප්‍රකාශ කළහ.