සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ දී “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන්
ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ වේ.
ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාමක කෙරේ.
හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ දෙමාපියන්වන ඩී.එම් සීලවතී සහ ඩී.එම් කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන “මිහිඳු නිවහන” සදහා රාජ්‍ය
අමාත්‍යවරුන්වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු මෙදින මුල්ගල තැබූහ.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති,අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගැන්නුවේය.
ප්‍රතිලාභීන් උදෙසා පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම සංකේතවත් කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රතිලාභීන්වන එන්.එම් විජේකෝන් බණ්ඩා, බී.ආර්.එම් ගුණසේකර, ඒ.එම් සෝමසිරි වෙත පළමු
දීමනා චෙක්පත් ප්‍රදානය කළේය.
“මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මම ඉතාමත් සතුටු වෙනවා බුද්ධම රජමහා විහාරස්ථානයට ඇවිත් මේ වගේ මහා පිංකමකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මම හිතනවා ශාසනය වෙනුවෙන් අපේ ලංකා ඉතිහාසයේ කවදාවත්
මේ ආකාරයේ පිංකමක් ක්‍රියාත්මක කරන්න නැතුව ඇති කියලා. මේ මහා නිවාස ව්‍යාපෘතිය අපි වෙන් කරන්නේ අපේ භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන්.
මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මිහිඳු නිවහන” ව්‍යාපෘතිය නමින්.
අපි මේ නිවාස ව්‍යාපෘතිය ඒ නමින් නම් කරන්නේ මේ රටට බුදුදහම ගෙනාපු ඒ ශ්‍රේෂ්ඨ මිහිඳු මාහිමියන්ව සිහිපත් කරන්න. මිහිඳු මාහිමියන් වහන්සේ එදා ධර්මය විතරක් නෙමෙයි මහා
ශිෂ්ටාචාරයකුත් මේ රටේ ආරම්භ කරන්න පදනම දැම්මා. මිහිඳු හිමියන් වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා එක දවසක් තුළ ගෙයක් ඉදිකරලා ,ඒ ගෙදර මැටි බිත්ති වේලන්න හුළු එළි
ඇල්ලුවා කියලා තමයි ඉතිහාස කථාවල තියෙන්නේ.