පරිසර අමාත්‍යාංශය විසින් අප රටේ වනගහණය සියයට 30ක් දක්වා වැඩි කිරීමට ගෙන යන වැඩ පිළිවෙළ අනුව මෙම වසර තුළ අඩුම තරමින් පැළ ලක්ෂ 05ක්වත් රෝපණය කිරීම ඉලක්කය බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා (05) ගල්ගමුව පාලුකඩවල වැව් තාවුල්ලේ දී පැවැති කුඹුක් පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩ සටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාළුකඩවල වැව තාවුල්ලේ අනවසරයෙන් සිදු කෙරෙන වගාවන් නිසා එම වැව ගොඩ වීමේ තර්ජනයට මුහුණ පා තිබෙන අතර කිසිදු සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව ගවයින් හා එළුවන්
වැනි සතුන් මුදා හැරීම නිසා වැව් ඉස්මත්තේ වනය විනාශ වීමේ තර්ජනයට ද මුහුණ පා තිබේ. එමනිසා ඒ සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද මෙමඅ වස්ථාවට සහභාගි විය.
පාලුකඩවල ගමේ ජනතාව විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර එම ගමේ වෙසෙන සිංහල හා මුස්ලිම් ජනතාව එකට එක්ව මෙම රුක්රෝපණය කිරීමේ වැඩ සටහන සංවිධානය කර තිිබින.
මෙහිදී වැඩිදුරත් අදහස් පළ කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ තම ගම්මානවල ඇති මෙවැනි සම්පත් රැක ගැනීම එහි පදිංචි ජනතාවගේත් වගකීම විය යුතු බවයි. ගමේ මිනිස්සුම
මෙවැනි සම්පත් විනාශ කරන්නේ නම් ඒ සඳහා රජය මැදිහත් වන්නේ කෙසේ දැයි හෙතෙම විමසා සිටියේය.
මේ වැව ආරක්ෂා කළ යුත්තේ මේ ගමේ ජනතාව. මෙහි ජලය වගාවට හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගන්නේ මේ ගමේ ජනතාවයි. බාහිර ප්‍ර දේශවලින් කිසිම කෙනෙක් මේ සම්පත විනාශ කරන්න එන්නේ නැහැ. මම දැකපු දෙයක් තමයි මේ වැවේ තාවුල්ල විනාශ කර තිබෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවමයි.
අනික අපේ මේ වැව් පද්ධතිය පිහිටා තිබෙන්නේ එල්ලංගා පද්ධතියක් වශයෙන්. මෙම වැව් නිර්මාණය කරපු මුතුන් මිත්තෝ අහසින් වැටෙන ජලය බිදුවක්වත් අපතේ යාමට ඉඩ නොදීමට
තමයි එල්ලංගා පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ. මුතුන් මිත්තෝ අපිට උරුම කළ දේ පවත්වාගෙන යන්නට වත් අපිට නොහැකි වී තිබෙන්නේ අපි පරිසරයට ගරු නොකරණ නිසායි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පරිසර සංරක්ෂණයට විශාල වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඉන් එක් පියවරක් තමයි හුස්ම දෙන තුරු වැඩ සටහන. එහි තුරු කියන්නේ
ගස්වලට. ගස් තමයි අපිට අවශ්‍ය ඔක්සිජන් දෙන්නේ. ඒ වගේම අපිට අහිතකර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන්නේ. ඒ නිසා ගස් නැත්නම් මේ ලෝකය තුළ ජීවයක් රඳා පවතින්නේ නැහැ. ඒ නිසා ඉදිරි වසර හතර තුළ පැළ මිලියන දෙකක් රෝපණය කිරීමට අපි වැඩ පිළිවෙළක් සකසා තිබෙනවා යැයි ද ලේකම්වරයා පැවසීය.