වතු කම්කරුවන්ගේ රු 1000ක දීමනාව සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුකුමාර් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ වතු සේවක සංගම් සහ හාම්පුතුන් අතර අවස්ථා ගණනාවකදී සාකච්ඡා කෙරුණු බවත් සාමූහික එකගතාව මත මෙම අදහස ලබා දීමට තීරණය කළද පොදු එකගතාවයකට පැමිණීමට නොහැකි වූ නිසා පඩි පාලක සභාව හරහා කම්කරු අමාත්‍යවරයා හරහා මෙම තීන්දුව ගත් බවයි. සේවකයන් අපහසුතාවයට පත්වන යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් අදාළ හාම්පුතුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අයවැය යෝජනාවක් අනුව වතු කම්කරුවන්ගේ දෛනික වේතනය රුපියල් දහසක් කිරිම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති හා වතු හිමිකරුවන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය මාස කිහිපයේ පැවැත්විණි. එහෙත් දෙපාර්ශ්වටම එකගතාවට පැමිණිමට නොහැකි විය. එබැවින් මීට අදාලව තීරණයක් ගැනිම සදහා ඇමති මණ්ඩලය එය තේ හා රබර් කර්මාන්ත පිළිබඳ පඩිපාලක සභාවට මෙම ගැටලුව යොමු කර ඇති බව පෙන්වා දුන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා, ඉදිරි සතිය තුළ කම්කරු අමාත්‍යංශය මේ සම්බන්ධව ගැසට් නිවේදනය පළ කල වහාම අදාළ සමාගම් මෙම වේතනය ගෙවීමට බැඳීසිටින බවද අමත්‍යවරයා කීය
මෙම සමාගම් සියල්ල රුපියල් 1000ක වතු කම්කරු දීමනාව ගෙවීමට නීතිමය වශයෙන් බැඳී සිටින බවත් එහෙත් ඉදිරියේදී මේ සම්බන්ධව මතු වන ගැටළු සාකච්ඡා කර විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද අමත්‍යවරයා කිය.