මාධ්‍ය නියාමනය කර වාරණය කරනවා යැයි කීම පට්ටපල් බොරුවක් බවත් යම් රාමුවක් ගෙනඑනවා නම් ගෙනඑන්නේ මාධ්‍යකරුවාගේ වටිනාකම රැකගැනීමට බවත් මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (09) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙය කිසියම් පාර්ශවයක් විසින් සංවිධානාත්මකව නිර්මාණය කරන ලද පට්ටපල් බොරුවක් බවත් එහෙම දෙයක් මේ මොහොතේ සිදු නොවන අතරම සිදුවීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය අනිසි විදියට හසුරවන්නන් හට එලෙස පැවසිය හැකි යැයිද, මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන සුළුතරයක් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මාධ්‍ය ඉතාමත් වැදගත් දෙයක් වන අතර ඉතාමත් සංවේදී අංශයක් බවද සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම සංවේදී අංශයට අයත් මාධ්‍යකරුවාට ඉතා පිළිගැනීමක් රට තුළ පවතින බවයි.
එනම් ඇතැම් විට අසවල් පුවත්පත හෝ අසවල් මාධ්‍ය පවසන දෙය හරිදෙය වශයෙන් ජනතාව පිළිගන්නේ යැයිද, එය ජනතා මතය බවද, ජනතා මතයට ඉඩදිය යුතු බවද ඔහු අවදාරණය කළේය.
මාධ්‍යයට යම් කිසි රාමුවක් ගෙනඒම ඒකපාර්ශවිකව සිදුකරන දෙයක් වශයෙන් ඉතාමත් පහත් මට්ටමේ මතවාදයක් ගෙනයාමට ඇතැම් පිරිස් උත්සාහ දරන අතරම එය එම පිරිස් වල අභිලාෂයක් මෙන්ම ඔවුන්ගේ බිය සැක මත ඇති කරගත් දෙයක් බව ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් සියලුදෙනාගේම අදහස් විමසා , සියලුදෙනාටම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් පුළුල් සංවාද ඇති කරමින් සියලු කොටස්කරුවන් හට මේ සම්බන්ධව ඔවුන්ගේ අදහස් ලබාදීමට ආරාධනා කළ බවද පැහැදිලිවම කිවයුතු බව අවධාරණය කළේය.
වසර ගණනාවක් මෙම කතිකාව දිගින් දිගටම ගිය අතර සියලුම රජයන් මෙම කර්තව්‍ය පිළිබදව උත්සාහ දැරුවද මූලික වැඩපිළිවෙලක් ආරම්භ නොවීමෙන් කිසිවිටෙක මෙය යතාර්ථයක් නොවුණු බවද ඔහු පැවසුවේය.
ඇතැම් පිරිස් මාධ්‍ය පිළිබදව පහත් මට්ටමෙන් කතා කරන බවද, එය එසේ නොවිය යුතු අතරම එය නැවැත්විය යුතු බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා විහේෂයෙන් අවධාරණය කළේය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,
මාධ්‍ය විසින් ගෙනයන සෑම වචනයකටම වටිනාකමක්, වැදගත්කමක් මෙන්ම රටේ ජනතාවගේ දැඩි පිළිගැනීමක් තිබිය යුතුයි. තීන්දු ගැනීමේදී අපේ ප්‍රකාශනයේ වටිනාකමක් තිබිය යුතුයි. එය අපි සාකච්ඡා කර කෙසේද හරි තැනකට ගෙනියන්නේ කියන එක පැහැදිලිවම සිදුකරනවා. ඒ වගේම මේ රටේ මාධ්‍ය මෙන්ම රටේ පුරවැසියන් මිලියන 21ක් ඉන්නවා. එම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැකීමත් මාධ්‍ය අමාත්‍යංශයේ විශාල වගකීමක්. එම පුරවැසියන්ට අපහාස වන දෙයක් සිදුවේ නම් ඔවුන්ට ඔවුන්ගේ චෝදනා කිරීමට යාමට තැනක් නොමැති නම් ඔවුන්ගේ චෝදනාවට ලැබිය යුතු නිසි ඇහුන්කන්දීම සිදුනොවේ නම් ඒ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවිය යුතුයි. අප සියලුදෙනා එකට එකතුවී මාධ්‍ය එවැනි තත්ත්වයකට රැගෙන ආවොත් මුළු මාධ්‍ය ක්ෂේත්‍රයටම විශාල ගරුත්වයක්, වගකීමක් සහ විශ්වාසවන්තභාවයක් ඇතිකරන්නට අපිට හැකියාවක් තියෙනවා.