අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
පෙබරවාරි 07 වන දින ගුවන් යානා 15 කින් 1113 රටවිරුවන් ලංකාවට ගෙන්වා තිබෙන බවත්,ඉන් 70 සෞදි ආරාබියෙන්, මාලදිවයිනෙන් 97 ක්,කටාර් රාජ්‍ය යෙන් 212ක්,එක්සත් ආරබි එමිර් රාජ්‍ය යෙන් 516ක් ,ඉතාලියෙන් 19ක් හා සිංගප්පුරුවේ 105ක් ඊයේ දවස ඇතුළත ගෙන්වා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම පෙබරවාරි 08 වන දින විදේශිය ශ්‍රමිකයින් 468 ක් මෙරටට ගෙන්වා තිබේ. එක්සත් ආරබි එමිර් රාජ්‍යයෙන් 36, සවුදි ආරබියෙන් 76,ඉන්දියිවෙන් 40 කටාර් රාජ්‍ය යෙන් 126ක් හා
කුවේට් රටෙන් 150ක් බව සදහන් කළේය.
එසේම අද(09) දිනයේ දි ද ජෝදාර් රටින් රටවිරුවන් 257දෙනෙක් ගෙන්වා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන් ම රජයේ වියදමින් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වු පිරිස 44613 දෙනෙක් වන බවද සඳහන් කළ අමාත්‍යවරයා
කොවිඩ් 19 රෝග ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහල පමණක් පැවති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශ හා ආරක්ෂක අමාත්‍යාංශයත් එක් වි මේ වන විට රෝහල් 42ක් කොවිඩ් ආසාදිතයින්
වෙුනවෙන් වෙන් කිරිමට හැකි වී ඇති බවද කීය.
ඒ අනුව පෙබරවාරි 07 වෙනිදා වන විට එහි ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2583ක් බවත්, එසේම අතරමැදි ප්‍රතිකාර මධ‍්‍යස්ථාන 27ක් ස්ථාපිත කර ඇති අතර මේ වන විට එහි 3118ක් ප්‍රමාණයක් එහි ප්‍රතිකාර ලබා ගන්නා බවත් පැවසීය. සමස්තයක් ලෙස ගත් කළ මේ වන විට කොවිඩ් 19 ආසාදිත රෝගින් 5000ක් පමණ දැනට රෝහල් ගත ව ඇතැයි ඇමතිවරයා කීය.
එලෙසින් ගත් කළ අනෙක් රටවලට සාපෙක්ෂව මෙහි සුවය ලබා යන ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවත් සෞඛ්‍ය අංශ සම්බන්ධයෙන් ඉතා පහත් මට්ටමින් කතා කිරිම ඉතාම අසාධාරණ
බවත් පැවසු ඇමතිවරයා, සෑම රෝගියෙක් සඳහා ම ගිලන් ඇඳක් ලබා දි තිබෙන බවත්,මේ වන විට කොවිඩ් ආසාදිතයින් සඳහා ගිලන් ඇඳන් 11447ක් වෙන් කර ඇතැයි පැවසිය.එසේම මේ
වන විට දැඩි සත්කාර ඒකක 09ක් ද වෙන් කර ඇත.
සියලු අයගේ අඩුපාඩුකම් තිබෙන බවත් අඩුපාඩු පමණක් සොයා දේශපාලන ව්‍යාපාර කිරිම ඉතා පහත් ලෙසින් තමන් දකින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.