පසු ගිය රජය පුද්ගලික ගොවි ව්‍යවසායකයින් සදහා ආනයනය කර තිබූ දෙනුන් වගකීමකින් තොරව ආනයනය කර ඇති බවත්,හොඳ තත්වයේ දෙනුන් හිත මිතුරු දේශපාලකයන්ටත්,ලෙඩ රෝග ලක්ෂණ පෙන්නුම් කල සහ කිරි දෙවීමට නුසුදුසු දෙනුන්, ඉල්ලුම් කර තිබූ පුද්ගලික ගොවි ව්‍යවසායකයින්ටත් බෙ
දා දී ඇති බව පෙනී යන අතරම ඒ නිසා මෙම ආනයනික දෙනුන්ගෙන් දේශීය දියර කිරි අවශ්‍යතාවය නිසි පරිදි සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමහර ගොවියන් මෙම සතුන් මස් පිනිස විකුණා ඇති බවත් දැනගන්නට ලැබුණු බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ඩී.බී.හේරත් මහතා පැවසුවේය.
ඔහු මේ බව පවසා සිටියේ පසු ගිය දිනවල පදවිය ප්‍රදේශයේ වෙසෙන හරකුන්ගේ ආහාර සදහා වෙන්කර තිබූ අක්කර 4000 ක පමණ ඉඩම් රජයේ වෙනත් කටයුතු සදහා භාවිතා කිරීම හේතුවෙන් උන්ට අවශ්‍ය කෑම හිගකම හේතුවෙන් කිරි හරක් මියයාම පිළිබද පළ කර තිබූ මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගනිමින් ඒ පිළිබද සොයා බැලීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර, රජයේ නිළධාරීන් සහ එම ප්‍රදේශවල ගොවියන් අතර හදිසි හ මුවක් උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.
රජය සහ පුද්ගලික ව්‍යවසායකයින් විශාල මුදලක් මේ සදහා වැය කර ඇතත්මෙම ව්‍යාපෘතිය ඵලදායිලෙස භාවිතා කර නොතිබූ හෙයින් අපගේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපට නොහැකිවී ඇති බවත්,එම නිසා අපගේ දියර කිරි අවශ්‍යතාවය සපුරා ගැනීම ජාතික වැදගත් කමක් ලෙස සලකා රජය මෙවර අය වැය මගින් අපගේ රාජ්‍ය අමාත්‍යාංශයට මිලියන 2000 ක විශාල මුදලක් වෙන් කර ඇති බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසා සිටියේය.
මෙම හමුවේදී පදවිය ප්‍රදේශයේ ගොවි මහතුන් පවසා සිටියේ මේ වන විට තම පළාතේ දෛනික කිරි නිෂ්පාදනය කෑම හිගකම නිසා සීඝ්‍ර ලෙස පහත ගොස් ඇති බවයි. තෘණ නැති නිසා සතුන්මය යාමඅතරම සමහර ගොවීන් සතුන් විකුණා ඇති බවද ගොවීන් පෙන්වා දුන්හ.
මෙම ගැටළුවට ක්ෂණික විසදුමක් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පැමිණ සිටි පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් අමතා පවසා සිටියේ, ඔවුන් යටතේ ඇති තෘණ ඉඩම් හදුනාගෙන හැකි ඉක්මනින් ගොවියන් වෙත නිදහස් කරන ලෙසයි.පදවිය ප්‍රදේශයේ හදුනාගත් තෘණ ඉඩම් අක්කර 30,000 ක් පමණ ඇති බව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් පෙන්වා දුන්
අතර, ආණ්ඩුකාරතුමාගේ මැදිහත්වීම මත ඉන් භාගයක් හෝ නිදහස් කරගෙන එම ප්‍රදේශයේ ගොවීන් වෙත ලබාදීමට හැකි ඉක්මනින් කටයුතු කිරීමට පියවර ගන්නා බව
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
තවද රටේ කිරි අවශ්‍යතාවය ජාතික වැදගත්කමක් සේ සලකා ඉදිරි මාස කිහිපය තුල ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කර ගැනීම සදහා තම අමාත්‍යෘංශය මගින් ගව ගාල්,කිරි දොවන මැෂින්,තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර සහ උසස් ආරයේ අභිජනන පිරිමි සතුන් කිරි ගොවියන් වෙත ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
මීටඅමතරව රජයේ වැවිලි සමගම් ඔවුන්ගේ වතුවල ඇති කිරීම සදහා ඔවුන්ගේ වියදමින් කිරි දෙනුන් ආනයනය කිරීමට කැමැත්ත පල කර ඇති බවද අවදාරණය කළේය.
මෙම අවස්ථාව සදහා පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු, වන සම්පත් හා වනජීවී නිළධාරීන් සහ කිරි ගොවීන් සහභාගී වූහ.