පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ නව වැඩපිළිවෙලක්- ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 09, 2021

    ඉදිරියේදී මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කෙටි කාළීන සහ දිගුකාළීන වැඩපිළිවෙලක් ඔස්සේ මෙරට පාපන්දු ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 02 ක් දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බවද අමත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.

    පාපන්දු ක්‍රීඩා කිරීම අතින් ලෝක ශ්‍රේණිගත කිරීමේදී , දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව සඳහන්ව ඇත්තේ ආසියාවේ අවසානයට බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට පාපන්දු
    ක්‍රීඩකයන් සංඛ්‍යාව ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා වැඩි බවද කීය.

    ඉදිරියේදී ශ්‍රී ලංකාව පාපන්දු ලෝක කුසලාන තේරීම් කටයුතු වලටද සම්බන්ධ වන බවත්, ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවත්වන පා පන්දු තරගාවලිය මෙරටදී පැවැත්වීමට
    බලාපොරොත්තු වන බව සඳහන් කළේය. පාපන්දු ක්‍රීඩාව සඳහා අනුග්‍රහයක් හෝ ඉලක්කගත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වස 05 තුළ
    ලෝක ශ්‍රේණි ගත කිරීමේ මට්ටමේ ඉහළට යාම අරමුණ කරන බව කීය.

    මෙරට සිටින දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් යුරෝපය ඇතුළු රටවල්හි වෘත්තීමය පා පන්දු ක්‍රීඩකයන් වශයෙන් ක්‍රීඩා කරන බව පැවසූ අමත්‍යවරයා ඔවුන්ට මෙරටට පැමිණීමට ආරධනා කරන බවද
    එය දේශීය ක්‍රීඩකයින්ට නව අත්දැකීමක් බවද පෙන්වා දුන්නේය.

    ඉදිරියේදී සෑම සතියකම සිකුරාදා දිනය football Friday නමින් නම් කර ක්‍රීඩාවේ ජයග්‍රහණ කරා යාමට කටයුතු කරන බවද කීය.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 05 තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විශාල පසු බෑමකට ලක් වී ඇති බවයි. ක්‍රිකට් ආයතනයට කිසිදු දේශපාලන
    ඇඟිලි ගැසීමක් සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වන විටත් කෙටුම්පත් සකස් වෙමින් පවතින බවත් පැහැදිළි කළේය.

    ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තාක්ෂණි කමිටුවක් පසුගියදා ආරම්භ කළ බව පැහැදිළ කළ අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමට වසර 05ක් පමණ ගත වන බවත් ඒ
    සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙමින් ඇති බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya