පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේ දී විවාදයට

    පෙබරවාරි 09, 2021

    ආසියාවේ තිබෙන වැදගත්ම සහ විශාලම අරමුදල බවට අද වන විට සේවක අර්ථ සාධක අරමුදල පත්ව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වැනිදා සේවක අර්ථසාධක අරමුදල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට තිබෙන වැදගත්ම අරමුදලක් බවත් රාජ්‍ය නොවන අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය සන්ධ්‍ය භාගය කරදරයකින් තොරව පවත්වා ගැනීමට මෙම අරමුදල පිහිටුවා ඇති බවයි.

     වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කම්කරු අමාත්‍යවරයාව සිටි සමයේ ගත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන ආසියාවේ ඇති ශක්තිමත්ම අරමුදල බවට සේවක අර්ථසාධක අරමුදල පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය.

     ඇතැම් සමාගම් බංකොළොත් වීම නිසා සේවකයන්ට අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇති වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම නීති වෙනස් කිරීමට පියවර ගත් බවත් පැවසූ අමාත්‍යවරයා අද වන විට රටේ ප්‍රධාන ආයතන සියල්ල අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරණ බවත් ට්‍රිලියන 01ක විශාල අරමුදලක් අද එම අරමුදලේ ඇති බවද කීය. වයස අවුරුදු 16ක දරුවකු රැකියාවට ගියහොත් විශාල මුදලක් අර්ථසාධක අරමුදල් වශයෙන් ඉපයිය හැකි බවත් එබැවින් කම්කරු ජනතාවට වැදගත් පනතක් වශයෙන් මෙම පනත ඉදිරිපත් කරන බව කී අමාත්‍යවරයා මෙම පනත සම්මත කරගැනීමට සහය වන ලෙසද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya