මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති ලෝකයෙන් වදවී ඇති බවට තහවුරු වුණු අප රටෙන් සොයාගත් ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුත්තේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවීම සහ රජය විසින් එය වෙනත් ස්ථානයක රෝපණය කළහොත් එය විශාල ශාකයක් බැවින් එය මැරී යනු ඇතැයි පරිසරවේදීන් නගන තර්ක සම්බන්ධයෙන් අද (09) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ශාකය සම්බන්ධව ඇති කතාව සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක පදනමක් විය යුතු අතරම ශාකය සම්බන්ධව විද්‍යාත්මකව ගන්නා තීන්දුව අනූව කටයුතු කිරීමට එකග වුණු බවය.
ක්‍රෑඩියා සෙලනිකා යන නාමයෙන් හැදින්වෙන ලොවෙන් තුරන්වී ඇති බවට ලෝක සංරක්ෂණ සංගමයෙහි රතු දත්තයන්හි වාර්තා වී තිබී මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සදහා සිදුකළ පාරිසරික සොයාබැලීමක දී 2019 වසරේදී අප රටින් නැවත සොයාගත් මුළු ලොවටම ඉතිරිවී ඇති මෙම එකම ශාකය මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ගම්පහ දාරලුව දුම්රිය ස්ථානයට යාබද වනලැහැබක දී හමුවී ඇති බව පරිසරවේදීන් සඳහන් කරයි .