ඊයේ (08) පෙරවරුවේ මාතර තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම කරා රට මෙහෙයවමින්, සෞභාග්‍යමත් දේශයක හිමිකරුවන් වන රට වැසියාගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩපිලිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් ආරම්භ කිරීමට නියමිත මාතර තිහගොඩ නගර සංවර්ධනය කිරීමේ කටයුතු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, 2021 අවසන් වීමට ප්‍රථම රට විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන තම
අමාත්‍යාංශය, මේ වනවිට එහි අවසන් අදියරට පැමිණ සිටින බවත්, දිළිදුබවේ තීරුවට අයත්වන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින් ඔවුන්ට නොමිලයේ විදුලි සබදතා ලබාදීමේ ප්‍රථිපත්තිමය තීන්දුවකට එළඹ ඇති බවත්ය. ඒ අනුව මේ වනවිට දිවයිනේ විදුලිය නොමැති පවුල් 118,000 අතරින් තිහගොඩ මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ පවුල් 33 ක් වෙනුවෙන් නොමිලයේ විදුලිය සබදතා ලබාදීම, හෙට සිට ආරම්භ කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී. අදාළ පිරිස අතරින් දිළිදුබවේ උපරිමයේ සිටිනපවුල්වල නිවාස වයරින් කිරීම පවා සහනදායි ක්‍රමයක් යටතේ සිදුකිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ප්‍රදේශයේ මෙතෙක් ජල පහසුකම් නොලැබ සිටින ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියද කඩිනමින් ආරම්භ කරන බවත්, අදාළ ව්‍යාපෘතිය තුළින් වසර 4 ක් ඇතුළත ප්‍රදේශයේ ජලපහසුකම් ලබාදිම 100% ක් බවට පත්කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පවසන ලදී. තවද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, දැනට
යෝජනාවී ඇති කිලෝ මීටර් 2 කින් යුත් නාදුගල ඇවිදින මංතීරු ඉදිකිමේ ව්‍යාපෘතිය කඩිනම් කළයුතු බවත්, ජනතාවගේ සනීපාරක්ෂක සේවාවන්ද සංවර්ධනය කළයුතු බවත් පැවසීය.
යටියන ස්ථාපිත කර ඇති පිගන් සංස්ථාවට අයත් කර්මාන්ත ශාලාවේ වර්ථමාන තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කර සිටිනෙ අදාළ
කර්මාන්ත ශාලාව නවීකරණය කර නැවත ක්‍රියාත්මක තලයට රැගෙන ආයුතු බවයි. එසේම පසුගිය වකවානුව තුළ සාකච්ඡා කෙරුණ පරිදි ලංකා විදුලි සැපයුම් ලබාදීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය
උපාංග වන Insulator නිපදවීමේ කාර්යය මෙම කර්මාන්ත ශාලාවේ සිදුකිරීමට ඇති හැකියාව පිළීබදවද අමාත්‍යවරයා සහ අදාළ අංශ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. එසේම දරුවන්ගේඅධ්‍යාපන කටයුතු මෙන්ම රැකියා පි පිළිබදවද අවධානය යොමුකළ අමාත්‍යවරයා, වෘත්තීය පුහුණු පාඨමාලා විදිමත් කළයුතු බවත්, අදාළ පාඨමාලා NVQ 4 මට්ටම දක්වා ගෙන ආයුතු බවත් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද ප්‍රදේශයේ රාජ්‍ය ආතයන නිලධාරීන්ද සහභාගී වූහ.