මෙරට ශ්‍රමිකයින් රාශියක් ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල විවිධ ක්ෂේත්‍ර වල සේවය කරමින් සිටින බවත්, ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් බැර වන්නේ එම රටවල පවතින අර්ථසාධක අරමුදල් වලට බවත් සඳහන් කළ කම්කරු අමාත්‍යවරයා, එම මුදල් එම ශ්‍රමිකයින්ට නැවත ලබා ගත හැකි වන්නේ වසර ගණනාවකට පසු බවත් මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව, මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර එම රටවල වැඩකරන සේවකයින්ගේ එම රටවල පවතින අර්ථසාධක අරමුදල් ඍජුවම මෙරට සේවක අර්ථසාධක අරමුදලට බැර වන ලෙස විශේෂ ගිවිසුමක් එම රටවල් සමඟ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.