ඒ අනුව සැම විටම සෞඛ්‍ය රෙගුලාසි අනුව කටයුතු කළ යුතු බවත් මෙරට ජනතාවට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගැනීම ඒ සදහා ගත හැකි තවත් ප්‍රායෝගික පියවරක් බවත් ඇමතිවරයා කීය.
විදේශිකයන් මෙරටට පැමිණීමේදී ඔවුනට පී. සී. ආර්. පරීක්ෂණයන්ට මුහුණ දීමට හානිරෝධායනයට ලක් වීම හේතුවෙන් දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් යෙදවීමට සංචාරකයන්ට සිදුවීම
පිළිබඳව සිය අදහස් දක්වමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.
ඒ අනුව මාර්තු වන විට සමස්ත ජනගහනයෙන් 57% ක් එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් (09) රැස් වූ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී එතුමා පැවසිය.
උඩවලව ජාතික වනෝද්‍යානය සහ බෝගහපිටිය යෝජිත අභයභූමිය අතර පවතින දහයියාගල අලි ඇතුන් ගමන් ගන්නා ගමන් මගක් ලෙස තීරණාත්මක වැදගත් කමකින් යුතු අභය භූමියක් බවත් එම ප්‍රදේශ අයථා ලෙස එළිකිරීමට පටන් ගෙන තිබීම හේතුවෙන් වනය ඇතුළු අලි ඇතුන්ද තර්ජනයට ලක්ව තිබෙන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා මෙහිදී පැවසීය.
අලි ඇතුන් මෙරට සංචාරක ක්‍ෂේත්‍රයට සම්පතක් බවත්, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සදහා වන සම්පත හා වන සතුන් ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා රට පිළිබඳව තොරතුරු ලබා ගැනීම සංචාරකයන් බොහෝ අවස්ථාවලදී වෙබ් අඩවි පරිශීලනය මගින් සිදු කරන නමුත්, සංචාරක ස්ථාන ආශ්‍රිත හෝටල්, ලැගුම්හල් සිය තොරතුරු යාවත්කාලින කිරීම පිළිබඳව සැහීමකට පත්වීමට නොහැකි බවද පෙන්වා දුන්නේය. ආකර්ශනීය ලෙස තොරතුරු, ඡායාරුප වෙබ් අඩවි වල පළ කර තිබුනද ප්‍රායෝගිකව එය එලෙස නොවන බවත්, මේ හේතුවෙන් රටේ කිර්ති නාමයට හානි වන බවත් පැවසු එතුමා, මෙවන් ස්ථාන සම්බන්ධයෙන් නිසි සහතිකයක් හෝ බලපත්‍රයක් ලබා දීමට සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට යෝජනා කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ ගීතා කුමාරසිංහ මහත්මින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා දැක්වූ අදහස්
සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කරමින් පවසා සිටියේ හෝටල් හා ලැගුම්හල් පිළිබඳ පළ කරන තොරතුරු විමර්ශනය කිරීමකින් අනතුරුව ඒ සදහා බලපත්‍රයක් හෝ සහතිකයක් ලබා දීම මගින් සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීම යෝග්‍ය බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධනය සම්බන්ධව චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී සිය අදහස් පළ කළ අතර ගාල්ල ඇතුළු දකුණු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය සම්බන්ධයෙන් වෙනම රැස්වීමක් කැඳවා ඒ පිළිබද සාකච්ඡා කිරීමට කටයුතු යොදන මෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් හට උපදෙස් ලබා දුන්නේය.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙල ආශ්‍රිත වත්මන් තත්වය පිලිබඳ සංචාරක අමාත්‍යවරයා මෙහිදී කරනු විමසු අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා පැවසුයේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සංවර්ධන ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක කොට ඇති බවයි.
2018 සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2018 සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව හා 2018 ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර ඒවාට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවටද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වය යටතේ පැවති සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගීතා කුමාරසිංහ, මනුෂ නානායක්කාර, උදයන කිරිඳිගොඩ, ජයන්ත කැටගොඩ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, එම්. උදයකුමාර් , ඩයනා ගමගේ,
ගුණතිලක රාජපක්‍ෂ, වීරසුමන වීරසිංහ,සම්පත් අතුකෝරල, සිවඥානම් ශ්‍රීතරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.