ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික ජල ව්‍යාපෘති යටතේ ග්‍රාමීය වැව් සහ වැව් බැමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පැවති ව්‍යාපෘති ආරම්භ කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍යවරයා කිසිදු භේදයකින් තොරව රජය විසින් ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘති අපේ ජනතාව හරියාකාරව යොදාගෙන ප්‍රයෝජනය ලබා ගත යුතු බව මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.