93%ක් පමණ මෙම ණය උගුලේ සිරවී ඇත්තේ කාන්තාවන් බව පැහදිළි කළ අමාත්‍යවරයා, මෙම ආයතන නියාමනය කිරීමේ පණතක් මෙතෙක් නොමැති බවත් 2016 වසරේ සිට මෙරට
ආර්ථිකයේ සිදු වූ කඩා වැටීමත් සමග ක්ෂණිකව ණය ගැනීමේ ක්‍රමයක් ලෙස ජනතාව මෙවැනි ආයතන කෙරෙහි යොමු වූ බවත් විවිධ නම් වලින් මෙවැනි ආයතන රාශියක් හඳුනාගෙන ඇති
බවත් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ගම්වල සිටින දිළිඳු ජනතාව බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
සමෘද්ධි බැංකු කලාප හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඒක්ව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සිදු කරන බවත් මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය කර ඇති බවද අමාත්‍යවරයා
පැහැදිළි කළේය.
ජනතාව මෙම අර්බුදයෙන් මුදවාගන්නා ලෙස සියළුම රාජ්‍ය සහ සමෘද්ධි බැංකු වලට උපදෙස් ලබා දී ඇති බවත් මෙම ශුද්‍ය මූල්‍ය පනත සංශෝධනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත්
කර ඇති බවද කීය.