පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සෑම ග්‍රාමනිලධාරී වසකම තෝරා ගත් ආර්ථික දුෂ්කරතාවට පත් පවුලකට නිවසක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි

    පෙබරවාරි 10, 2021

    ''ඔබට ගෙයක් රටට හෙටක්'' වැඩසටහන යටතේ 2020 වසරේ සෑම ග්‍රාමනිලධාරී වසකම තෝරා ගත් ආර්ථික දුෂ්කරතාවට පත් පවුලකට නිවසක් ලබා දීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරඇති බවත් ඒම වැඩසටහන යටතේ නිවාස 11,310ක නිවාස ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අග්‍රාමාත්‍යවරයාගේ වාචික ප්‍රශ්න අපේක්ෂා කරමින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී සභාවෙන් මතු කළ පැනයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ මේ වන විටත් නිවාස 5000 පවුල් පදිංචි වී ඇති බවය. තවද ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයන්
    වෙනුවෙන් සියපත නමින් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බවද එමගින් රාජ්‍ය සේවකයන්ගේ නිවාස ගැටළුව විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    ඒ අනුව නාගරික ජනතාවගේ නිවාස ගැටළුව විසඳීම සඳහාද රජය පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya