සාමාන්‍ය පෙළ විභාගය විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාත් පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බවට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා අද (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එළඹෙන මාර්තු පළමුවන දා සිට එකොළොස් වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව බස්නාහිරි පළාතේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
මීට පෙර පෙබරවාරි 15 සිට දිවයිනේ සියළු පාසල් විවෘත කිරීමට තීරණය කර තිබුණද බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවර ගන්නා ලදී. ඒම කමිටු වල ලැබුණු අදහස් අනුව බස්නාහිර පළාතේ බොහොමයක් පාසල් විවෘත කිරීමට තීරණය කලද ඒම තීරණ ක්‍රියාවට නැංවිය හැක්කේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසන් තීරණය මතයි. ඒ අනුව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ තීරණය අනුව බස්නාහිර පළාත් පාසල් විවෘත කිරීම වඩාත් උච්ත බවට තීරණය වී තිබේ.
ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ද මේ අනුව විවෘත වන්නේ මාර්තු 15 දිනයි. පළමු ශ්‍රේණියට ඒක් වන දරුවන්ටද ඒදින පාසල් විවෘත කෙරෙන බව අමාත්‍යවරයා කීය